සියල්ල සොයා දෙන Google දෙවියන්....

Friday, October 21, 2022

 ටියුෂන් සර් ....

පසුවදා පන්තියට අවශ්‍ය ප්‍රශ්න පත්‍රය සාදමින් සිටියදී...

පාන්දර 12.46ට අහම්බෙන් වගේ මූණු පොතට ගොඩ වැදුනේ අලුත් යමක් ඇතිදැයි බැලීමටයි...
දේශපාලන විචාර හැම තැනම... 

බලන බලන අත ඊට උපදෙස් සපයන විද්වතුන් මෙන්ම මහාචාර්‍යවරුන්....
වැදගත් යැයි හැඟෙන කිසිත් නැති තැන,

 අහම්බෙන් වගේ ලියන්නට හිතුනා ටියුෂන් සර් ගැන යමක්...

"අම්මෝ සර්ගේ පන්තියේ ළමයි....😮, යකෝ... එකෙක්ගෙන් ගන්න ගානත් එක්ක පන්තියේ ළමයි ඔක්කොගෙන්ම එන ගාන බලපංකෝ..."

ඔලුගෙඩි ගානෙන් ගැනලා, තමන් ගෙවන පන්ති ගාස්තුවෙන් වැඩි කරලා සර්ගේ ආදායම හොයපු නොහොබිනා මනසක් මටත් ඒ කාලේ තිබ්බා...
නමුත් ඒ තුළ වූ අසීමිත කැප කිරීම් සියල්ල.. මා එදා නොදුටු අතීතයක,

වර්තමානයේ මා ඒ සියල්ල අත්විඳින බැවින් එහි කටුකත්වය සැබෑවටම දනිමි...

ටියුෂන් ආරම්භයේදීම පවුලෙන් එල්ල වන බලපැම් එමටයි,


"අප්පච්චි වගේ රජයේ රස්සාවකට නොයා,මොකද්ද පුතා ඔය කරන කෙහෙම්මල් වැඩේ.. 

ඔය පන්ති කරලා හරියනවාද?" 

එහෙව් දොස් නගන පවුලේ නෑදෑයින් ද තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ටියුෂන් ගුරුවරුන් සොයයි.

වත්මන් සමාජය තුළ...

තමාගේ දරුවා ඒ සර් ලඟට යනවා නම්,ඔහු තම පුතා හෝ දුවගේ ටියුෂන් සර් නම් වේ...

නැති නම් පොදු අන්වර්ථ නාමයෙන්ම ඔහු ටියුෂන්කාරයෙකි.

රාත්‍රී පුරාවට නිදි වර්ජිතව සාදන ප්‍රශ්න පත්‍රයකට හෝ නිබන්ධනයකට තම කාලය හා ශ්‍රමය කැප කරන ටියුෂන් සර්...

දහවලට....

උගුර ලේ රහ වැටෙන තෙක් කෑගසමින් තම දරුවන්ට උගන්වයි... 

"චූටි මාමාගේ මළගෙදර අවසාන කටයුතු දවසේ වත් එන්න බැරි මහලොකු සර්.. මළගෙදරකට වත් එක දවසක් පන්ති නිවාඩු දෙන්න බැරිද? ඔය මනුස්සයට..."  

ටියුෂන් සර් මත පැටවී ඇති අසීමිත වූ වගකීම නොදකින පවුලේ ඥාතීන් එලෙස අපවාද නගන්නේ මේ කිසිත් නොදන්නා බැවිනි.

ආදරණීය දරුවන් සිය දහස් ගණනක..

අනාගත ජීවිත ආලෝකමත් කරන්නට වෙර දරන ඔහු

මුදල් මත යැපෙන සමාජයක් තුළ... 

සියල්ල මුදලින් මනින කාලයක, ටියුෂන් සර් තුළ වූ අසීමිත කැපකිරීම් සියල්ල අද සමාජය නොදකින බැවින්....

තවත් එක් ටියුෂන් ගුරුවරයෙක් මෙසේ සටහනක් තබන්නෙමි...

-අනුරුද්ධ බණ්ඩාර -